මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ආර්ථික සමුළුවට ඇමති අමුණුගම ඉන්දියාවට

    නොවැම්බර් 03, 2014

    ලෝක ආර්ථික සමුළුවට සහභාගීවීම සඳහා අන්තර්ජාතික මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක‍්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා හෙට (04) ඉන්දියාව බලා පිටත්ව යන බව රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.


    ලෝක ආර්ථික සංවිධානය සහ ඉන්දීය කර්මාන්ත සමූහය එක් ව සංවිධානය කරනු ලබන ආර්ථික සමුළුව ඉන්දියාවේ දී හෙට (04) ආරම්භ වේ. ආචාර්ය සරත් අමුණුගම මහතා එහි දී විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත ය. මෙරට ව්‍යාපාරික ප්‍රජාව ද මේ සමුළුවට සහභාගී වන බව අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

    ලබන 06 දක්වා පැවැත්වෙන මෙම සමුළුවේ 2014 වසරේ තේමාව වන්නේ 'රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහභාගීත්වයට නව ඇරඹුමක්' යන්න ය. ආසියාවේ තෙවන ආර්ථික බලවතා වශයෙන් 2020 වන විට සිය ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වා තබා ගැනීමේ අභියෝග හමුවේ මෙවර ආර්ථික සමුළුව පැවැත් වේ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya