දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් යාපනයේ සිට ත්‍රීකුණාමලය සහ මඩකළපුව හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල ක්ෂණිකව සුළං වේගය ඉහළ යාමට ඉඩ ඇති අතර එවිට එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.
ගාල්ල සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා ත්‍රීකුණාමළය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට සෙසු මුහුදු ප්‍රදේශ ද තාවකාලිකව රළු විය හැක.
HC