මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පස්වෙනි ආසියා ශාන්තිකර නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යවරුන්ගේ සමුළුව අද ඇරඹෙයි Featured

    නොවැම්බර් 03, 2014
    පස්වෙනි ආසියා ශාන්තිකර නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යවරුන්ගේ සමුළුව (5th Asia Pacific Ministerial Conference On Housing And Urban Development (APMCHUD) අද (03) සිට 05 වෙනිදා දක්වා දකුණු කොරියාවේ  සෝල් නුවර දී පැවැත්වේ.
     
    මෙම සමුළුවට රටවල් 30කට ආසන්න සංඛ්‍යාවක අමාත්‍යවරු ඇතුළු නිලධාරීහු, නියෝජිතයෝ සහභාගී වෙති. මෙවර සමුළුවේ තේමාව “තිරසාර සංවර්ධනය සඳහා සමාන අවස්ථා” යන්නයි. 
     
    සමස්ත නාගරික සැලසුම්කරණය, වරප්‍රසාද රහිත පුද්ගලයන් සඳහා සමාන අවස්ථා ලබාදීමට නාගරික පැල්පත් නවීකරණය කිරීම, මූලික සේවාවන් ලබාදීමට සමස්ත තාක්ෂණය යෙදීම, නිවාසකරණය සඳහා සමාන මූල්‍ය පහසුකම් සහ සමාන අවස්ථාවන් ලබාදීම සඳහා නාගරික සංවර්ධනය යන උප මාතෘකා යටතේ ද මෙහි දී කරුණු සාකච්ඡා කෙරෙනු ඇත.
     
    මෙම සමුළුවේ එක් ප්‍රධන අරමුණක් වන්නේ මෙම කරුණු මත කරනු ලබන සාකච්ඡා පදනම් කරගෙන තිරසාර සංවර්ධනයක් සඳහා සමාන අවස්ථාවන් ලබාදීම පිණිස ක්‍රියාකාරී සැලැස්මක් කෙටුම්පත් කිරීමයි. 
     
    මේ අනුව මෙම පස්වන  ආසියා ශාන්තිකර නාගරික සංවර්ධනය සහ නිවාසකරණය පිළිබඳ අමාත්‍ය සමුළුවේදී විවිධ සාමාජික රටවල ප්‍රතිපත්ති සාකච්ඡාවට ලක්කෙරෙනු ඇත. 
     
    ශ්‍රී ලංකාවේ ජන සෙවණ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන මේ දක්වා  අත්පත් කරගෙන සිටින ප්‍රගතිය,  ජාතික නිවාස ප්‍රතිපත්තිය, ඉදිකිරීම් සංවර්ධන පනත පිළිබඳ ව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විමල් වීරවංශ අමාත්‍යවරයා සමුළුවට තම අදහස් ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    ඊට අමතරව නාගරික පැල්පත් ප්‍රවර්ධනය කිරීමේ සැලසුම් සකස් කිරීම, මූලික පහසුකම් සැපයීම, නිවාස සැලසුම්කරණය, ස්වාභාවික  විපත් සහ පාරිසරික වෙනස්කම් පිළිබඳ ව වඩාත්  විධිමත්  ප්‍රගතියක් අත්පත් කරගැනීම සඳහා මෙම සමුළුවේදී සාමාජික රටවල් විවිධ යෝජනා ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත.
     
    දෙවසරකට වරක් පැවැත්වෙන ආසියා ශාන්තිකර නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යවරුන්ගේ සමුළුව (APMCHUD)  ආරම්භ වූයේ  2006 වසරේ දී  ඉන්දියාවේ දීය. මේ වන විට මෙම සමුළුව  ඉරානය, ඉන්දුනීසියාව සහ ජෝර්දානය යන රටවල පවත්වා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya