මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කන්කසන්තුරේ සිට මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවලට වැඩිපුර වැසි Featured

    නොවැම්බර් 03, 2014

    අද (03) අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයින වටා වන වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදය කාලයේදී ද වැසි ඇති විය හැක. කන්කසන්තුරේ සිට කොළඹ හරහා මාතර දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල වැඩිපුර වැසි අපේක්ෂා කළ හැකිය.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    අනුරාධපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    මඩකළපුවට කොළඹට ගාල්ලට උදෑසන වැසි සහ සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    නුවරඑළියට මහනුවරට රත්නපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

    ත්‍රිකුණාමලයට උදෑසන වැසි සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි

    යාපනයට මන්නාරමට උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 11.3ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 19.2ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 29.6ක වර්ෂාපතනයක් කටුනායකින් ද මි.මී. 36.9ක වර්ෂාපතනයක් මන්නාරමින් ද මි.මී. 16.0ක වර්ෂාපතනයක් කුරුණෑගලින් ද මි.මී. 51.8ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද මි.මී. 18.1ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද මි.මී. 20.7ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද වාර්තා වී තිබේ.

     

    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.°C රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.

     

    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.1°C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.8°C නුවරඑළියෙන් ද මි.මී. 76.1ක උපරිම වර්ෂාපතනය ලක්ෂපාන ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya