සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදාපති මීරියබැද්ද සංචාරයක

    නොවැම්බර් 02, 2014
    යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා ඊයේ (01) මීරියබැද්ද ප්‍රදේශයේ නාය යෑම හේතුවෙන් අවතැන්වූවන් රඳවා සිටින ශ්‍රී ගනේෂ් දෙමළ විද්‍යාලයේ සහ පූනගල දෙමළ විද්‍යාලයේ සංචාරයක නිරත විය.
     
    මෙහිදී යුද හමුදාපතිවරයා විසින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් එම ජනතාව වෙත ලබාදුන් අතර අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය විසින් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත පරිත්‍යාග කරන ලද අත්වැසුම් සහ විශේෂ සනීපාරක්ෂක මලු තොගයක් ලබාදීම ද සිදු විය. මෙහිදී ලබාදුන් අත්වැසුම් තොගය අතුරුදන්වූවන් සෙවීමේ කටයුතුවල නිරත ව සිටින හමුදා සෙබළුන් සහ සෙසු පුද්ගලයන් සඳහා වේ.
     
    හමුදාපතිවරයා එහිදී යුද හමුදා නිල සුනඛයන් හසුරුවන සෙබළුන් සමඟ ද සාකච්ඡා කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya