අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයින වටා වන වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදය කාලයේදී ද වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය
අනුරාධපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.
මඩකළපුවට අපරභාගයේ දී ගිගුරුම් සහිත වැසි.
කොළඹට ගාල්ලට උදෑසන වැසි සහ සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.
නුවරඑළියට මහනුවරට රත්නපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
ත්‍රිකුණාමලයට උදෑසන වැසි සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි
යාපනයට මන්නාරමට උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.
උෂ්ණත්වය හා වර්ෂාපතනය
අද උදෑසන 5.30 වනවිට මි.මී. 17.7ක වර්ෂාපතනයක් කුරුණෑගලින් ද මි.මී. 20.0ක වර්ෂාපතනයක් රත්නපුරින් ද මි.මී. 5.6ක වර්ෂාපතනයක් නුවර එළියෙන් ද වාර්තා වී තිබේ.
අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.°C අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.
ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30.7°C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.4°C නුවරඑළියෙන් ද මි.මී. 41.5ක උපරිම වර්ෂාපතනය වැල්ලවාය ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.
HC