සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාර ලීටරයක මිල රුපියල් 6කින් පහළට

    නොවැම්බර් 01, 2014

    අද (01) සිට වහා ම ක්‍රියාත්මක වන පරිදි තාර ලීටරයක මිල රුපියල් 6කින් අඩු කෙරේ.

    දැනට වෙළෙඳපොළේ පවතින තාර මිල සැලකිල්ලට ගනිමින් මෙම මිල අඩු කිරීම සිදුකළ බවත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන වර්ගයන්හි මිල ඉදිරියේදි තව තවත් පහළ ගියහොත් එහි වාසියද ජනතාවට ලබාගැනීමට හැකිවනු ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති එස්. අමරසේකර මහතා පැවසීය.

     

    මෙතෙක් රුපියල් 91ක් වූ බිටුමෙන් 80යි 100 වර්ගයේ තාර ලීටරයක් රුපියල් 85කටත්, රුපියල් 92කට අලෙවි කළ බිටුමෙන් 60යි 70 වර්ගයේ තාර ලීටරයක් රුපියල් 86කටත් අඩුකර තිබේ.

     

    තාර ආනයනය කිරීමේ දි අදාළ තත්ත්ව පරීක්ෂා සිදුකර සංස්ථාව මගින් සහතිකයක් ලබාදෙන අතර යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් තාර ලබාගැනීමේදි එම තත්ත්ව සහතිකය පිළිබඳ සැලකිල්ල යොමු කර තාර මිල දී ගන්නා ලෙසත් අමරසේකර මහතා ඉල්ලා සිටී.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya