සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය විමල් වීරවංශ කොරියාවේ සංචාරයක

    නොවැම්බර් 01, 2014
    පස්වෙනි ආසියා ශාන්තිකර නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යවරුන්ගේ සමුළුවට (5th Asia Pacific Ministerial Conference On Housing And Urban Development (APMCHUD) සහභාගි වීම සඳහා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (01) දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය.
     
    මෙම සමුළුව නොවැම්බර් 03 සිට 05 වෙනිදා දක්වා දකුණු කොරියාවේ සෝල් නුවර දී පැවැත්වේ. මෙවර සමුළුවේ තේමාව “තිරසාර සංවර්ධනය සඳහා සමාන අවස්ථා” යන්නයි. මෙවර සමුළුවට රටවල් 30කට ආසන්න සංඛ්‍යාවක අමාත්‍යවරු ඇතුළු නිලධාරීහු, නියෝජිතයෝ සහභාගී වෙති. 
     
    සමස්ත නාගරික සැලසුම්කරණය, වරප්‍රසාද රහිත පුද්ගලයන් සඳහා සමාන අවස්ථා ලබාදීමට නාගරික පැල්පත් නවීකරණය කිරීම, මූලික සේවාවන් ලබාදීමට සමස්ත තාක්ෂණය යෙදීම, නිවාසකරණය සඳහා සමාන මූල්‍ය පහසුකම් සහ සමාන අවස්ථාවන් ලබාදීම සඳහා නාගරික සංවර්ධනය යන උප මාතෘකා යටතේ ද මෙහි දී කරුණු සාකච්ඡා කෙරෙනු ඇත.
     
    විමල් වීරවංශ අමාත්‍යවරයා සමඟින් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නිවාස ) කේ.ඒ. තිලකරත්න, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ පාලිත ගමගේ යන මහත්වරු ද මෙම සංචාරය සඳහා සහභාගී වෙති.
     
    මෙම සමුළුවෙන් අනතුරුව දකුණු කොරියාවේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් හා එහි ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට ද විමල් වීරවංශ අමාත්‍යවරයා බලාපොරොත්තු වේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya