සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව ඊජිප්තුවට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය තරයේ හෙළා දකියි

    ඔක්තෝබර් 28, 2014

    පසුගිය සතියේ සොල්දාදුවන් 31ක් හා තවත් බොහෝ පිරිසක් පීඩාවට පත් කරමින් ඊජිප්තු ආරක්ෂාවට තර්ජනයක් වෙමින් උතුරු සීනායිහි යුද්ධ හමුදාවට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය; ශ්‍රී ලංකා රජය තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

     

    දශක තුනකට අධික කාලයක් යුද්ධයේ දරුණු පීඩාවලින් අතිශයින් පීඩාවට පත් වූ ශ්‍රී ලාංකිකයෝ ඊජිප්තු වැසියන්ට එල්ල වූ එම පිළිකුල් සහගත ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඉතා සංවේගයට පත් වූහ.
     


    මෙම සිදුවීම සෑම මනුෂ්‍ය ප්‍රජාවකට ම මතු කර පෙන් වූ ත්‍රස්තවාදයේ දරදඬු ස්වභාවය හා භයානකත්වය මතක් කර දෙන අතර මෙම තර්ජන මුලිනුපුටා දැමීමට ජාත්‍යන්තර ප්‍රජාව තීරණාත්මක ව හා සහයෝගයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය බව මෙවැනි හදිස්සි අවශ්‍යතාවන්වල දී ඉස්මතු කර පෙන්වයි.

     
    ඊජිප්තු රජයට හා ජනතාවට ශ්‍රී ලංකා රජය සහ ප්‍රජාව හෘදයාංගම සංවේගය ප්‍රකාශ කර සිටිති.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya