සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින අභ්‍යන්තරයේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි Featured

    ඔක්තෝබර් 29, 2014

    අද (29) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින අභ්‍යන්තරයේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. පසුව මෙම වැසි බටහිර ප්‍රදේශ කරා පැතිර යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයින වටා වන වෙරළ බඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට මන්නාරමට සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    අනුරාධපුරයට නුවරඑළියට මහනුවරට රත්නපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    මඩකළපුවට ත්‍රිකුණාමලයට යාපනයට උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 38.8ක වර්ෂාපතනයක් බදුල්ලෙන් ද මි.මී. 27.7ක වර්ෂාපතනයක් බණ්ඩාරවෙලින් ද මි.මී. 10.9ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 13.7ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 16.2ක වර්ෂාපතනයක් කුරුණෑගලින් ද මි.මී. 26.7ක වර්ෂාපතනයක් රත්නපුරින් ද මි.මී. 16.9ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද වාර්තා වී තිබේ.

    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.°C රත්නපුර හා අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    අද උදෑසන 5.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.6°C පොලොන්නරුව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.2°C නුවරඑළියෙන් ද මි.මී. 102.2ක උපරිම වර්ෂාපතනය බදුල්ල, ස්ප්‍රිං වැලි ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya