සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම අද මුලතිව් ජනතාව හමුවට

    නොවැම්බර් 02, 2014
    අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම් සභාව අද (02) සිට ලබන 05 දක්වා මුලතිව් දිස්ති‍්‍රක්කයේ පුද්ගලයන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.
     
    අද (02) සහ හෙට (03) දෙදින තුළ මුලතිව්, මුහුදුබඩ පත්තුව (මැරිටියම්පත්තු) දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ දී පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වාද,  04 සහ 05 යන දෙදින තුළ ඔඩ්ඩුසුදාන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පෙරවරු 9.00 සිට පස්වරු 03.00 දක්වා ද මහජනතාවට පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
     
    එම ප‍්‍රදේශවල ග‍්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමෙන් අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් කලින් පැමිණිලි නොකළ පුද්ගලයන්ටද, මෙම දින තුළදී පැමිණිලි සහ සාක්ෂි සටහන් කළ හැකියාව ඇති බැවින් ඒ සඳහා අදාළ ස්ථාන වෙත පැමිණෙන ලෙස අතුරුදහන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම් සභාව ජනතාව දැනුවත් කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya