මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාපතිවරයාගේ ඉන්දීය නිල සංචාරය නියමිත පරිදි සිදුවෙනවා

    ඔක්තෝබර් 23, 2014
    නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාගේ ඉන්දීය නිල සංචාරය යොදාගත් පරිදි නියමිත දිනයේ දී ම සිදු වන බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (23) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    නාවික හමුදාපතිවරයාගේ ඉන්දීය නිල සංචාරය සම්බන්ධයෙන් දකුණු ඉන්දියාවේ පැවැති විරෝධතාවක් හේතුවෙන් ඉන්දියාවට යාමට නියමිත ව පැවැති නිල සංචාරය අවලංගු කළ බව මාධ්‍ය වාර්තා කළ ද එම සංචාරය 25දාට යෙදී ඇති බවත් එය අවලංගු කිරීමක් සිදු නොවුණ බවත් වර්ණකුලසූරිය මහතා පැවසීය.
     
    මෙම සංචාරය අතරතුර දී ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා ඉන්දීය ප්‍රභූවරුන් කිහිප පෙළක් සමඟ සාකච්ඡා පැවැත්වීමටත්, දෙරට අතර නාවුක කටයුතු සම්බන්ධයෙන් සුහදතාව වර්ධනය කරගැනීමට මෙන් ම ඒ සඳහා අවශ්‍ය අඩිතාලම සකස් කරගැනීමටත් නියමිතය.
     
    නාවික හමුදාපතිවරයාගේ ඉන්දීය නිල සංචාරය ඔක්තෝබර් 25 දා සිට 30දා දක්වා සිදු කිරීමට නියමිත ව ඇත.
     
    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දියාවෙන් නාවික යාත්‍රා යුගලයක් මිලදී ගැනීමට කටයුතු කර ඇති බවත් එම යාත්‍රා දෙක ඉදිරියේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික කටයුතුවලට සම්බන්ධ කරගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya