මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් හමුදාපති මල්වතු අස්ගිරි නාහිමිවරුන් බැහැදකී

    ඔක්තෝබර් 23, 2014
    ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා අද (23) මල්වතු අස්ගිරි නා හිමිවරු බැහැදැකීමට නියමිත බව ගුවන් හමුදා විධායක මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනවිරත්න මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (23) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    යුද්ධයේ දී මියගිය ගුවන් හමුදා සෙබළුන්ට පිං පැමිණවීමටත්, ආබාධිත වූවන්ට හා දැනට සේවයේ නියුතුවූවන්ට සෙත් පැතීමේ අරමුණින් ගුවන් හමුදා සුබසාධක අධ්‍යක්ෂ කාර්යාලය මගින් පස්වන වරටත් සංවිධානය කරනු ලැබූ පිංකමක් ඊයේ (22) සහ අද (23) දෙදින පුරා මහනුවර දළදා මාලිගාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බවත් ඒ 
    මහතා පැවසීය.
     
    ඒ අනුව ඊයේ පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ දී ගිලන්පස හා බුද්ධ පුජාවක් පැවැත්වීමට කටයුතු කළ අතර අද සංඝයා 63 නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වෙන බවත් ඒ මහතා පැවසීය.
     
    මෙම පිංකම් අවස්ථාවන් සඳහා යුද්ධයේ දී මියගිය ගුවන් හමුදා සෙබළුන්ගේ ඥාතීන්, ආබාධිත සෙබළුන් මෙන් ම සේවයේ නියුතු සෙබළ සෙබළියෝ විශාල පිරිසක් ද සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya