මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාර්ක් කලාපීය කෞතුකාගාර සංරක්ෂණය හා ප්‍රවර්ධනය පිළිබඳ වැඩමුළුවක්

    ඔක්තෝබර් 23, 2014

     

    සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සාර්ක් කලාපීය රටවල කෞතුකාගාර සංරක්ෂණය හා ප්‍රවර්ධනය පිළිබඳ වන ජාත්‍යන්තර සම්මේලනයක් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ දී ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, අද (23) සිට 26 දක්වා එම සමුළුව පැවැත්වීමට නියමිතය.


    මෙහි දී ප්‍රධාන වශයෙන් කෞතුකාගාර නවීකරණයේ දී සංරක්ෂණයේ දී ඇති වන ගැටලු හා එහි ප්‍රවර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කරනු ලබයි. 
    මෙම සමුළුව සඳහා  ශ්‍රී  ලංකාව, භූතානය, නේපාලය, බංගලිදේශය, ඉන්දියාව යන රටවල නියෝජිතවරු සහභාගි වෙති. 


    මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබූවේ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය නන්දා වික්‍රමසිංහ මහත්මිය විසිනි.

     

    මෙම අවස්ථාව සඳහා සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජී.එල්.ඩබ්. සමරසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) ආචාර්ය සංජය ගාර්ග් ඇතුළු විද්වත්හු පිරිසක් සහභාගි වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya