මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංඥා සෙබළු සිය බලකා දිනය උත්සවශ්‍රීයෙන් සමරති

    ඔක්තෝබර් 23, 2014

    ශ්‍රී ලංකා යුද හමුදාව වෙත අගනා සේවාවක් ඉටු කරන ලද ශ්‍රී ලංකා සංඥා බලකාය  සිය 71 වන බලකා දිනය පසුගිය ඉරිදා පනාගොඩ පිහිටි රෙජිමේන්තු මූලස්ථානයේදී උත්සවශ්‍රීයෙන් සමරනු ලැබූහ.

    සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ වෙත ආචාර සම්මාන මුරයක් සහ වර්ණවත් පෙළපාළියක් ද පිරිනැමීය. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් කේ.ආර්.පී. රොවෙල් ද එක් ව සිටියේය.

    මෙහිදී ශ්‍රී ලංකා සංඥා බලකායේ මධ්‍යස්ථ සේනාවිධායකගේ ආරාධනයෙන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් සෙබළුන් වෙනුවෙන් ඉදි වූ දේශන ශාලාව, ශ්‍රවණාගාරය සහ මෘදුකාංග සංවර්ධන සහ ඉංජිනේරු අංශය ද විවෘත කරන ලදී.

     

    මෙම නව දේශන ශාලාව තුළ එකවර 150 දෙනෙකු සඳහා අසුන් ගැනීමට පහසුකම් සපයා ඇති අතර සියලු ම අංගෝපාංගයන්ගෙන් සමන්විත නවීකරණ කරන ලද ශ්‍රවණාගාරය යුද හමුදාවේ තිබෙන නවීනතම ශ්‍රවණාගාර අතුරින් එකක් වේ.

     

    සියලු අතී නවින තොරතුරු තාක්ෂණ උපාංගයන්ගෙන් සහ ජාත්‍යන්තර තත්ත්වයේ විද්‍යාගාර පහසුකම්වලින් සමන්විත මෘදුකාංග සංවර්ධන සහ ඉංජිනේරු අංශය සංඥා බලකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂය වේ.

     

    එහිදී සංඥා බලකායට කීර්තියක් ගෙන දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සම්මාන පිරිනැමීය. 2013 සිට 2014 දක්වා කාලය තුළ සංඥා බලකායේ උන්නතිය වෙනුවෙන් සිදු කළ සේවය ඇගයීම සඳහා 5 වන ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත විශේෂ කුසලානයක් ද මෙහිදී පිරිනැමීය.

     

    NDH/amy media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya