මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීපාවලි උත්සවය නිමිත්තෙන් යුද හමුදාවෙන් වැඩසටහනක්

    ඔක්තෝබර් 23, 2014
    ඊයේ (22) යෙදී තිබූ දීපාවලී උත්සවය නිමිත්තෙන් ජාතීන් අතර සංහිඳියාව වර්ධනයේ කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ 51වැනි බල ඇනිය කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය) කර්නල් ටිකිරි දිසානායක මහතා පැවසීය.
     
    ඒ අනුව කොළඹ පාසල් ළමුන් 125ක්, ගුරුවරු 25ක් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 50කගෙන් සමන්විත කණ්ඩායමක් 24 සහ 25 දිනවලදී යාපනයේ සංචාරයක නිරත වෙමින් ක්‍රියාකාරකම් රැසකට සහභාගිවීමට නියමිතය.
     
    ඒ අනුව 24දා පැවැත්වෙන සුහද හමුවෙන් අනතුරු ව, පසුදින (25) මෙම කණ්ඩායම යාපනය දිස්ත්‍රික්කයේ දමිළ පාසල් සිසු සිසුවියන් 500ක් සමඟින් කන්කසන්තුරේ නගුලේෂ්වරම් කෝවිල ආශ්‍රිත ව ශ්‍රමදානමය වැඩසටහනකට, "අන්තර් සංහිඳියාව සඳහා ළමුන්ගේ කාර්යභාරය" මැයෙන් යාපනය වීරසිංහම් ශාලාවේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගි වෙති. ඊට අමතර ව එදිනම ආගමික හා සංස්කෘතික සංහිඳියාව වර්ධනය කරමින් සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්වේ. ඉන් අනතුරුව රාත්‍රී සංගීත සංදර්ශනයකින් මෙම වැඩසටහන අවසන් වේ. මෙම අවස්ථාවට සමගාමී ව එදින 5000ක් දෙනා උදෙසා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් බත් දන්සැලක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
     
    ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන Mother Sri Lanka ව්‍යාපෘතිය මේ සඳහා සම්බන්ධීකරණ දායකත්වය සපයනු ලබයි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya