මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා ආරක්ෂක පර්යේෂණ පුස්තකාලයට ශ්‍රව්‍ය, දෘශ්‍ය මුද්‍රිත පිටපත් ලබාදෙන්න

    ඔක්තෝබර් 23, 2014

    ළමා ආරක්ෂාව පිළිබඳව ප්‍රකාශන ඇතුළත් කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇති ජාතික ළමා ආරක්ෂක පර්යේෂණ පුස්තකාලය තවදුරටත් පුළුල් කිරීමට එම අධිකාරිය කටයුතු යොදා ඇත.


    ඒ අනුව ළමා ආරක්ෂාව පිළිබඳ ව රාජ්‍ය ආයතන මෙන් ම රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු විවිධ පාර්ශවයන් විසින් සම්පාදනය කර ඇති ලිඛිත ප්‍රකාශන මෙන් ම ළමා ආරක්ෂාව පිළිබඳව නිර්මාණය කර ඇති ශ්‍රව්‍ය දෘශ්‍ය නිෂ්පාදනයන් ද ලබන මස 30 වන දිනට ප්‍රථම ව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සැලසුම් හා තොරතුරු අංශයට ලබාදෙන ලෙස එම අධිකාරිය ඉල්ලා සිටී. 


     මේ පිළිබඳ වැඩිදුර විස්තර 011 2778911 -14 දූරකතනය ඔස්සේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සැලසුම් හා තොරතුරු අංශයෙන් ලබා ගත හැකි වේ. තවදුරටත් මෙවැනි කටයුතු සිදු කරමින් දැයේ දරුවන් සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගැනීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අපේක්ෂාවයි. 


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya