මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලංකන් A330 ගුවන් යානයෙන් රට වටා සංචාරය කිරීමට අවස්ථාවක්

    ඔක්තෝබර් 23, 2014


    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සමාගම වන ශ්‍රීලංකන් ගුවන් සමාගමට අලුතින් එකතුවන එයාර්බස්  A330 -300 වර්ගයේ ගුවන් යානා 6න් පළමු වැන්න පිළිගැනීමේ සමාරම්භක උත්සවයේ කොටස්කරුවෙකු වීමේ අගනා අවස්ථාව දැන් හිමි ව තිබේ.


     
    ගුවන් විදුලියේ ප්‍රචාරය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රචාරක දැන්වීම්වලට සවන් දී ගුවනින් දැකීමට කැමති ම නගරය SMS කර මෙම අනගි අවස්ථාව උදාකර ගැනීමේ හැකියාව පවතී. මෙම වෙළඳ දැන්වීම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම ප්‍රචාරය වේ.


    මෙම ගුවන් විදුලි ප්‍රචාරක වැඩසටහන් පසුගිය 20 වෙනි දා සිට ප්‍රචාරය වන අතර එයට සවන් දී SMS යොමු කිරීම සඳහා මේ මස 26 වන දින දක්වා කාලයක් ලබා දී ඇති අතර ඉන් ජයග්‍රහණය හිමි කර ගන්නා වාසනාවන්තයින්ගේ නම් මේ මස 27 වෙනි දින නිවේදනය කරනු ඇත.


    මෙම SMS පණිවිඩ යොමු කිරීමේ දී නම සහ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කර එවිය යුතු අතර දිනුම් ඇදීමෙන් පසු ජයග්‍රහකයින් 20දෙනෙකු තෝරා ගැනීමට නියමිතය. එම වාසනාවන්තයින් සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම‍ට එක්වන නවත ම ගුවන් යානයෙන් සංචාරය කර ජීවිතයේ මින් පෙර නොවිඳි අත්දැකීමක් ලබාගැනීමේ අවස්ථාවද හිමිවේ.


    ශ්‍රීලංකන් ගුවන් සමාගම ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ නඩත්තු පිරිවැය අවම කළ හැකි පුළුල් බඳ සහිත එයාර්බස් වර්ගයේ ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ. ඒ අනුව A330– 300 වර්ගයේ ගුවන් යානා 6ක් සහ නවීන තාක්ෂණයෙන් යුත් A350– 900 ගුවන් යානා 7ක් සිය ගුවන් යානා ඇණියට එක් කිරීමටත් මේ වන විට කටයුතු යොදා තිබේ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya