අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පන්ති කාමරයක් කොරියානු රජයෙන් ශ්‍රී ලංකා රජයට

    ඔක්තෝබර් 22, 2014

    ශ්‍රී ලංකාව හා කොරියානු ජනරජයේ ද්විපාර්ශ්වීය මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් කොරියානු රජයේ පරිත්‍යාගයක් වශයෙන් ලබාදෙන රුපියල් මිලියන 50කට වැඩි වටිනාකමින් යුත් නවීන තාක්ෂණයෙන් පිරිපුන් අංග සම්පූර්ණ Innovative ICT class room  ව්‍යාපෘතිය නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට භාරදීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී සිදු කෙරිණි.


    අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන ශාඛාවේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.  පන්ති කාමරය සකස් කිරීමේ සිට සියලු ම උපකරණ ස්ථානගත කිරීම ඇතුළු සියලු කාර්යයන්, පන්ති කාමරය භාවිතය, අදාළ ගුරු පුහුණු කටයුතු කොරියානු රජයෙන් සිදු කරනු ලැබේ. මෙම පන්ති කාමරය අභ්‍යන්තර සිවිලිම් සකස්කර, පොළොව කොන්ක්‍රීට් කර, බිමට ටයිල් අතුරා, වායු සමීකරණ යන්ත්‍ර සවි කර ඇත. මීට අමතර ව Smart Board 4ක්, Smart Podium, laptop 41ක්, tab 10ක්, UPS යන්ත්‍රයක්, Server යන්ත්‍රයක්, ලී බඩු, මේස, පුටු හා laptop යන්ත්‍ර Charge සඳහා විදුලි පහසුකම් සහිත ගබඩා කළ හැකි කැබිනට්ටුවක් ඇතුළු අංගෝපාංගයන්ගෙන් සමන්විතය.  

    ලබන 23 සිට 27 දින දක්වා තොරතුරු තාක්ෂණ අංගෝපාංගවලින් සමන්විත මෙම පන්ති කාමරය භාවිත කිරීම පිළිබඳ විශේෂ පුහුණුවක් පාසල් ගුරුවරුන් 30 දෙනෙකු සඳහා පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී පැවැත්වේ. කොරියානු පුහුණුකරුවන් දෙදෙනෙකු මඟින් මෙම පුහුණු පාඨමාලාව පැවැත්වේ.

    මෙම නවීන තාක්ෂණයෙන් යුතු Innovative ICT class room  ව්‍යාපෘතිය අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින් ලබන නොවැම්බර් මස සිසු අයිතියට පත් කිරීමට නියමිතය.

    පිලිපීනය, කොලොම්බියාව, කාම්බෝජය, මොන්ගෝලියාව සහ අසර්බයිජානය ආදී රටවල්වල මෙම ව්‍යාපෘතිය සාර්ථක ව ක්‍රියාත්මක කෙරෙන අතර එම රටවල නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා, කොරියානු රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ Jeong Yun Kyeong මහත්තමිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාවේ අධ්‍යක්ෂ නීල් ගුණදාස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya