මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හර්මන් ලෝස් ද සොයිසා කුසලාන සිල්වෙස්ටර් විද්‍යාලයට හා මලියදේව බාලිකාවට Featured

    ඔක්තෝබර් 21, 2014
    පාසැල්වල විනය පවත්වාගෙන යාමේ අරමුණින් යුතු ව 1881 වසරේ දී කොළඹ රාජකීය විද්‍යාලයෙන් ආරම්භ වූ ජාතික ශිෂ්‍ය භට බලකාය මගින් පවත්වනු ලබන හර්මන් ලෝස් ද සොයිසා කුසලාන - 2014 අවසන් කඳවුර පසුගිය දා අවසන් විය.
     
    2014 වසරේ ශිෂ්‍ය භටයන් සඳහා වු හර්මන් ලෝස් ද සොයිසා කුසලානය දිනා ගන්නා ලද්දේ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය විසිනි. පිළිවෙළින් කදාන ද මැසනඩ් විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය විසින් දෙවන තුන්වන හතරවන හා පස්වැනි ස්ථාන හිමිකර ගන්නා ලදී.
     
    කාන්තා ශිෂ්‍ය භටවරියන් සඳහා වූ හර්මන් ලෝස් ද සොයිසා කුසලානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය විසින් දිනා ගනු ලැබූ අතර ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය, හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, කෑගලු බාලිකා විද්‍යාලය හා කොළඹ විශාකා විද්‍යාලයන් විසින් දෙවන තුන්වන හතරවන හා පස්වැනි ස්ථාන දිනා ගන්නා ලදී.
     
    කඳවුර පසුගිය 10 සිට 19 දක්වා රන්ටැඹේ පිහිටි පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබීය. මෙහි අවසන දින පෙළපාළියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් එච්.එම්.එච්.ඒ. හේරත් මහතා සහභාගී විය.
     
    1981 වසරේ දී ආරම්භ වී ගෙවීගිය අවුරුදු 133ක කාලය තුළ දී විවිධ වෙනස්වීම්වලට භාජනය වෙමින් ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ඉමහත් සේවයක් කරන ශිෂ්‍ය භට බලකාය අද වන විට වසරකට ශිෂ්‍යභට බාලක බාලිකාවන් 80,000ක් පමණ දෙනෙකුගේ විනය, පෞරුෂත්වය හා නායකත්වය වැනි ගුණාංගයන් පුහුණු කරනු ලබන දිවයින පුරා විසිරී ඇති බලඇණි 34කින් සමන්විත (බාලිකා බල ඇණි 9ක් ද ඇතුළුව) විශාල ආයතනයක් බවට පරිවර්ථනය වී ඇත.
     
    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන සංකල්පයට අනුව දිවයින පුරා ඇති සියලු පාසැල්වල ශිෂ්‍යභට ඛණ්ඩ ආරම්භ කිරීමේ ක්‍රියාවලිය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම අනුව එහි වත්මන් අධ්‍යක්ෂ වන මේජර් ජෙනරාල් එච්.එම්.එච්.ඒ. හේරත් මහතා විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
     
    අවසන් දින උත්සවය සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) එස්. හෙට්ටිආරච්චි, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්, ජාතික ශිෂ්‍ය භට බලකායේ විශ්‍රාමික හා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් විදේශීය රටවල ශිෂ්‍ය භට නිලධාරීන් හා ශිෂ්‍ය භටයින්, පාසැල්වල විදුහල්පතිවරු, ගුරුවරු හා දෙමාපියවරු විශාල පිරිසක් ද සහභාගී වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya