මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිගණක වෙළඳපළ තුළ මිලියන 100ට අධික ලාභයක් STC උපයනවා

    ඔක්තෝබර් 21, 2014

    STC ආයතනයේ සභාපතිවරයා ලෙස එහි වැඩභාරගන්නා විට සංස්ථාව සතුව පරිගණක යන්ත්‍ර 2ක් පමණක් තිබූ බවත් අද වන විට පරිගණක වෙළඳපළ තුළ ප්‍රමුඛස්ථානයට පැමිණෙමින් මිලියන 100කට අධික ලාභයක් ලබමින් සිටින බවත් රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා පවසයි.

    රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ මාතර නව ප්‍රදර්ශනාගාරය සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර හා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) මාතර දුම්රියපාරේ දී විවෘත කෙරිණි. එම අවස්ථාවට එක්වෙමින් සභාපතිවරයා මේ බව පැවසීය.

    එහිදී සභාපතිවරයා තවදුරටත් පැවසුවේ, “එසේ ම රාජ්‍ය ආයතනයක් විදිහට ලක් සතොස මෙන් ම STC ආයතනය පාරිභෝගික අවශ්‍යතාවලට වැඩි අවධානයක් යොමු කරමින් ජනතාවගේ මිල දී ගැනීමේ ශක්තිය වැඩි කර, මිල ස්ථායීකරණය කිරීම සිදු කරයි. අප රාජ්‍ය සේවය මෙලෙස ශක්තිමත් කරන විට පෞද්ගලික සේවයද තව තවත් ශක්තිමත් වෙමින් අප හා තරග කරන විට ඉන් සහන සැලසෙන්නේ පාරිභෝගික ජනතාවට බවද සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

    කොළඹ නවම් මාවත, නුවර, කුරුණෑගල, යාපනය හා අනුරාධපුර යන දිස්ත්‍රික්කයන්හි එස්.ටී.සී. ආයතනයේ ප්‍රදර්ශනාගාර පවතින අතර මාතරදී විවෘත වූයේ එස්.ටී.සී. ආයතනයේ 11වන ශාඛාවයි. ඉදිරියේදී දැවැන්ත ප්‍රදර්ශනාගාරයක් නාරාහේන්පිට විවෘත වීමට නියමිතය.

    සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජී.කේ.ඩී. අමරවර්ධන, වී අලෙවි මණ්ඩලයේ සභාපති කේ.බී. ජයසිංහ, මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි, රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ජ්‍යේෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     ECB

    stc-2

    stc3
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya