මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලංකන් කළමනාකාරීත්වය සහ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය අතර සාමූහික ගිවිසුමක්

    ඔක්තෝබර් 21, 2014

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම 2014 වසරේ සිට 2017 වසර දක්වා කාලපරිච්ජේදය තුළ කාර්යමණ්ඩලය සඳහා වැඩි වරප්‍රසාද ලබාදීමේ සහ ගුවන් සමාගමේ ව්‍යාපාර සැලැස්ම කෙරෙහි කාර්යමණ්ඩලයේ වැඩි දායකත්වයක් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානත ම වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය අතර සාමූහික ගිවිසුමක් සඳහා පසුගියදා අත්සන් තබන ලදී.



    ගුවන් සමාගම නව ගුවන් ගමනක් ආරම්භ කිරීම සඳහා පුළුල් බඳ සහිත ගුවන් යානා මෙම මාසයේ සිට ප්‍රතිඇණි ගත කිරීමට සූදානම් වන මොහොතේ මෙම ගිවිසුම සඳහා දෙපාර්ශවය විසින් අත්සන් තැබීම  විශේෂ අවස්ථාවකි. මේ අනුව ගුවන් සමාගමේ සාර්ථකත්වය සඳහා වන ව්‍යාපාර සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදා වනු ඇත. නව ව්‍යාපාර සැලසුම් යටතේ අවශ්‍යතාවන්ට සරිලන ලෙස ගෝලීය ගුවන් ගමන් ජාලය ව්‍යාප්ත කරමින් නව සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා ද ගුවන් සමාගම කටයුතු කරමින් සිටියි. එසේ ම මේ වසරේදී වන්වර්ල්ඩ් හා එක්වීම තුළින් ගෝලීය ගුවන් ගමන් ජාලයේ ගුවන් සේවා 13ක පහසුකම් අත්විඳීමේ අවස්ථාවද පාරිභෝගියන්ට උදා වන ලදී.


    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සඳහන් කළේ අපගේ ව්‍යාපාර සැලැස්ම සාර්ථක කර ගැනීම සඳහා කාර්යමණ්ඩලයේ සහයෝගය සහ කැපවීම  ඉතා වැදගත් සාධකයක් වන බවයි. එම අරමුණු ඉටුකර ගැනීම සඳහා කළමනාකාරීත්වය සමඟ අත්වැල් බැ‍ඳගෙන වෘත්තීය සමිතියක් ලෙස සහයෝගය ලබාදීම පිළිබඳ ව තමා අතිශය සතුටට පත්වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. එසේ ම ගුවන් සමාගම පුළුල් බඳ සහිත ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීම තුළින් සේවා වැඩි දියුණු කරමින්  ගුවන් ගමන් ජාලය ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබෙන බවත්  එමගින් සිය ගුවන් මගීන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට හැකියාව ලැබෙන බවද  හෙතෙම පැවසීය. නව ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීම ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය දිරිගැන්වීමක් වනවා සේ ම ඔවුන්ට ඉතා ආඩම්බර විය හැකි අවස්ථාවක් වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


    මෙම ගිවිසුමේ විශේෂත්වය වන්නේ දීමනා හා වරප්‍රසාද සාකච්ඡා කිරීමේදී හා එකඟ වීමේදී ආයතනයේ ව්‍යාපාර සැලැස්ම සහ එහි අවශ්‍යතාවන් මනා සේ අවබෝධ කර ගනිමින් ඒ මත දැඩි විශ්වාසයක් තබමින් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය කළමනාකාරීත්වය සමඟ අත්වැල් බැඳ ගැනීමයි. එසේ ම  ගුවන් සමාගමේ ඉදිරි ගමනට අවශ්‍ය ම සේවක දායකත්වය හා අභිප්‍රේරණය අවබෝධ කර ගනිමින් කළමනාකාරීත්වය තම යෝජනා ඉදිරිපත් කිරීම ද මෙම නව ගිවිසුම හරහා ක්‍රියාත්මක වනු ඇත. මෙම ගිවිසුම දෙපාර්ශවයට ම  සතුටු විය හැකි ඵලදායීතා මූලධර්මයන් මුල් කරගත් සාමූහික ගිවිසුමක් වීමද විශේෂත්වයකි.


    ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ මෙම සාමුහික ගිවිසුම අත්සන් කිරීම සඳහා කළමනාකාරීත්වය ලබාදුන් සහයෝගය පිළිබඳ ව සිය ප්‍රණාමය පුද කරන බවයි. එසේ ම කළමනාකාරීත්වය සේවකයන්ගේ ගැටලු නිවැරදි ආකාරයෙන් හඳුනාගෙන  ඒවා සාමූහික ව විසඳා ගැනීමටත් මේ හරහා අවස්ථාව උදාවන බවද හෙතෙම පැවසීය. එසේ ම මෙම ගිවිසුමට ජීවය දිය හැක්කේ සේවකයින්ගේ කැපවීම සහ උනන්දුව තුළින් බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

     

    ECB

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya