මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීපාවලී උළෙලට අගමැතිතුමාගේ සුභපැතුම්

    ඔක්තෝබර් 22, 2014


    අධර්මය පරදවා ධර්මය ජය ගැනීම සංකේතවත් කරමින් ලෝ පුරා හින්දු ජනයා බැති සිතින් සමරන දීපාවලී උත්සවය නිමිත්තෙන් සුභපැතුම් එක් කරන්නේ හදපිරි ගෞරවයෙනි. 
    සමස්ත සත්ත්ව වර්ගයාට පමණක් නො ව, දෙවියන්ට, මහාමුනිවරයන්ට පවා විපත් පමුණුවන ලද අසුරයා පරාජය කර, විෂ්ණු දෙවියන්ගේ එම අභීත අභිප්‍රාය හින්දු ජනයාට පමණක් නො ව, සමස්ත ජීවයා වෙත කරන ලද ආලෝකයේ පහන් දැල්වීමක් බඳුය. 

    දීපාවලී මහා මංගල්‍යය සමරන ඔබ අධර්මය පරදවා ධර්මයෙහි පිහිටන්නේ මෝහාන්ධකාරය දුරලා ප්‍රඥා‍ ලෝකය උදාකරන්න. සාමය සහ සශ්‍රීකත්වය උදා කිරීමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. යහපත සහ යුක්තිය වෙනුවෙන් ඉදිරිපත් වන විට, ඔබ විෂ්ණු දෙවියන්ගේ සැබෑ අනුගාමිකයකු බවට පත් වේ. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුත් අප රජය, තිස් වසරක් තිස්සේ අඩාල වූ ජන ජීවිතය යළි පණගැන්වීම සඳහා සුවිශාල වැඩසටහන් රැසක් දියත් කරමින් සිටී.

     

    උතුරු නැගෙනහිර පදිංචි හින්දු ජනයාට යළි තම ගම්බිම් කරා යාමේ අවස්ථාව ලබාදීම සහ සංවර්ධන ව්‍යාපෘති රැසක් සකස් කොට ඇත. අපට අවශ්‍ය වන්නේ, භෞතික දියුණුව පමණක් නො වේ. ජනවර්ග අතර සාමය, සංහිදියාව හා සදාකාලික සහජීවනයෙන් යුතු ආධ්‍යාත්මික සංවර්ධනයක් උදා කරන මාවත වෙත අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතු අප රජය මේ වන විට අවතීරණය වී සිටී. ක්‍රෝධය දුරලා මෛත්‍රීය, කරුණාව දැල්වීම මේ දීපාවලී සමයේ ඔබගේ අභිප්‍රාය විය යුතුය.  මිත්‍රත්වයේ ප්‍රඥා ලෝකයෙන් සංහිදියාවේ සතුට කරා සමස්ත හින්දු ජනයා මේ ‍දීපාවලී උත්සව සමයේ යොමු වේවා! යි ප්‍රාර්ථනා කරමි. ඔබට ප්‍රීතිමත්, සාමකාමී දීපාවලී මංගල්‍යයක් වේවා!  

     

    ආචාර්ය දි.මු. ජයරත්න
    අග්‍රාමාත්‍ය 

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya