මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක බැංකුවෙන් ශී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 700ක්

    ඔක්තෝබර් 21, 2014

    ලෝක බැංකුවෙන් ශී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 700ක ණය මුදලක් හිමි වූ බව ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය.

     

    එම මුදල් මෙරට අධ්‍යාපනය, සෞඛ්‍ය, තාක්ෂණ දැනුම වර්ධනය, නගර සංවර්ධනය, ගමනාගමන කටයුතු සංවර්ධනය, මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදවන බව ඔහු පැවසීය.

     

    ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව පසුගියදා ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැති අතර ආචාර්ය සරත් අමුණුගම මහතා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සහභාගී විය.

     

    මෙවර ලෝක බැංකුව හා මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවේදී ලෝක ආර්ථික තත්ත්වය ගැන විමර්ශනයක යෙදුණු අතර එහිදී 2015 වන විට ලෝක ආර්ථිකය කුමන අතකට හැරේවිද? යන්න සාකච්ඡා කරන ලදී. එම සාකච්ඡාවට අනුව විද්‍යමාන වන්නේ ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකය මේ වන විට යහපත් අතට පරිවර්තනය වෙමින් ඇති බවයි.

     

    ශී‍්‍ර ලංකාවේ භාණ්ඩවල තිබෙන ඉල්ලුම ඇමරිකාවෙන් වැඩි වුවත් යුරෝපයෙන් අඩුවිය හැකි හෝ අද පවතින තත්ත්වයට තිබිය හැකිය. එහෙත් චීනය හා ඉන්දියාව වැනි රටවලින් අපේ රටේ භාණ්ඩවල තිබෙන ඉල්ලුම එන්න එන්නම වර්ධනය වේ.

     

    මෙවර ලෝක බැංකු සමුළුවේ දී ලංකාව සුවිශේෂ වශයෙන් යහපත් ආර්ථික වර්ධනයකට හිමිකම් තියෙන රටක් ලෙස පිළිගෙන ඇත. ඊට අමතර ව ලෝක බැංකුව සමඟ ලංකාව ලබාගත හැකි සහනදායී ණය ක‍්‍රමය ගැන සාකච්ඡා කළ අතර ලෝක බැංකුවෙන් ණය ලබා ගැනීම අපේ රටට වාසිදායක බවත් ද්විපාර්ශ්වික රටවල් සමඟ ණය ලබා ගන්නවාට වඩා අඩු පොලියකට ලෝක බැංකුවෙන් ණය ආධාර ලබා ගත හැකි බවත් මෙහිදී සරත් අමුණුගම මහතා පෙන්වා දී ඇත.

     

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya