මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු රජයෙන් Innovative ICT පන්ති කාමර ව්‍යාපෘතිය අද ශ්‍රී ලංකාවට භාරදෙයි

    ඔක්තෝබර් 21, 2014
    ශ්‍රී ලංකාව හා කොරියානු ජනරජයේ ද්විපාර්ශ්වීය මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් කොරියානු රජයේ පරිත්‍යාගයක් වශයෙන් ලබාදෙන රුපියල් මිලියන 50කට වැඩි වටිනාකමින් යුත් නවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් පිරිපුන් -  Innovative ICT class room  ව්‍යාපෘතිය නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට භාරදීමේ මහෝත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරු 10.00ට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී සිදු කෙරේ.
     
    අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන ශාඛාවේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ. පන්ති කාමරය සකස් කිරීමේ සිට සියලු ම උපකරණ ස්ථානගත කිරීම ඇතුළු සියලු කාර්යයන්, පන්ති කාමරය භාවිතය, අදාළ ගුරු පුහුණු කටයුතු කොරියානු රජයෙන් සිදු කරනු ලැබේ. මෙම පන්ති කාමරය අභ්‍යන්තර සිවිලිම් සකස් කර, පොළොව කොන්ක්‍රීට් කර , බිම ටයිල් අතුරා, වායු සමීකරණ යන්ත්‍ර සවිකර ඇත. මීට අමතර ව Smart Board 4ක්, Smart Podium, laptop 41ක්, tab 10ක්, USP යන්ත්‍රයක්, Server යන්ත්‍රයක්, ලී බඩු, මේස, පුටු හා laptop යන්ත්‍ර Charge සඳහා විදුලි පහසුකම් සහිත ගබඩා කළ හැකි කැබිනට්ටුවක් ඇතුළු අංගෝපාංගයන්ගෙන් සමන්විත වේ.  
     
    ලබන 23 සිට 27 දින දක්වා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංගෝපාංගවලින් සමන්විත මෙම පන්ති කාමරය භාවිත කිරීම පිළිබඳ විශේෂ පුහුණුවක් පාසල් ගුරුවරුන් 30 දෙනෙකු සඳහා පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී පැවැත්වේ. කොරියානු පුහුණුකරුවන් දෙදෙනෙකු මඟින් මෙම පුහුණු පාඨමාලාව පැවැත්වේ.
     
    මෙම නවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් යුතු Innovative ICT class room ව්‍යාපෘතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ලබන නොවැම්බර් මස සිසු අයිතියට පත් කිරීමට නියමිතය.
     
    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් කොරියානු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කොරියානු ටෙලිකොම් සමාගමේ නිලධාරීන් පිරිසක් පසුගිය ජූලි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි අතර එහිදී සිදු කරන ලද සක්‍යතා අධ්‍යයනයේ හා සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස කොරියානු රජයෙන් ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව ලබා දී තිබේ. මේ වන විට පිලිපීනය, ඉන්දුනීසියාව, බෘනායි, කොලොම්බියාව, කාම්බෝජය, මොංගෝලියාව, පැරගුවේ සහ අසර්බයිජානය ආදී රටවල්වල මෙම ව්‍යාපෘතිය සාර්ථක ව ක්‍රියාත්මක කෙරේ.
     
    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya