මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පේරාදෙණිය සරසවි සිසු සිසුවියන් හමු වී අගමැති සාකච්ඡා කරයි

    ඔක්තෝබර් 20, 2014

    කළමනාකරණ පීඨය කඩිනමින් ස්ථාපිත කර දෙන මෙන් ඉල්ලා උපවාසයක නියැළුණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සිසු සිසුවියන් හමු වී අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා ඊයේ (19) ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්විය.

     

    මෙහිදී සිසුන් අවධාරණය කර සිටියේ තමන් කළමනාකරණ පීඨය ඉල්ලා බොහෝ කලක  සිට අරගලයක නිරත වුවද, බලධාරීන් මුනිවත රකින බවයි. මෙහිදී අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ සිසු අයිතීන් දිනා ගන්න විරෝධතා දියත් කරන්න සිසුන්ට අයිතියක් තිබෙන බවත්, එය ඉතා සාධාරණ ව කළ යුතු බවත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සිසු අයිතීන් ලබා දීමට සැම විට ම කැපවී සිටින බවත්, අධ්‍යාපනයට මූලිකත්වය දී කටයුතු කිරීමට එතුමා ක්‍රියා කරන බවත්ය.

     

    කෙසේ වෙතත් මේ සියලු අරගල අතර තම අධ්‍යාපන කටයුතු අතපසු නොකර ගෙන තමන්ගේ අනාගත අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට අධිෂ්ඨානශීලී ව ක්‍රියා කළ යුතු බව ද පැවසූ අගමැතිතුමා කළමනාකරණ පීඨයක් ලබාදීමට රජය ඉතා ඉක්මණින් කඩිනම් පියවර ගෙන ඇති බවත් සඳහන් කළේය.

     

    උපවාසයට සහභාගි වී සිටි සිසු සිසුවියෝ අගමැතිවරයාගේ පැමිණීම ඉතා අගයමින් කතා කළ අතර, එතුමාගේ උපදෙස් ඉතා අගය කරන බව ද සඳහන් කළහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya