මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තරයෙන් එල්ලවිය හැකි අභියෝග හමුවේ නොසැලෙන එකම නායකයා ජනපති මහින්දයි

    ඔක්තෝබර් 20, 2014

    එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්ත තහනම ලිහිල් කිරීමට යුරෝපා සංගමය ගත් තීරණයක් සමඟ අප රටට යළිත් ජාත්‍යන්තරයෙන් විවිධාකාර අභියෝග එල්ල විය හැකි බවත් එම තර්ජන හමුවේ නොසැලෙමින් රට ආරක්ෂා කර ගත හැකි එකම නායකයා ජනපති මහින්ද රාජපක්ෂ පමණක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා පැවසීය.


    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ති‍්‍රක් ආසන සංවිධායකවරුන් ඇතුළු පක්ෂ කි‍්‍රයාකාරීන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා (18) මහනුවරදී පැවැති රැස්වීමක දී ප‍්‍රකාශ කළේය.

    ජාතික හා ජාත්‍යන්තර බලපෑම්වලට යටත් වී රට දෙකඩ කිරීමට උඩගෙඩි දෙන නායකයෙකු යටතේ පවතින නිදහස අහිමිකර ගන්නවාද?, නිදහස දිනා දුන් නායකයා යටතේ රටේ ඒකීයභාවය තහවුරු කර ගන්නේද? යන තීරණය එළඹෙන ජනාධිපතිවරණයකදී ජනතාවට තීන්දු කිරීමට ඇතැයි මෙහිදී අගමැතිවරයා කීය.

    යුරෝපා සංගමය කුමන තීන්දු තීරණ ගත්තත් මේ රට යළි බෙදා වෙන් කිරීමට අප ඉඩ නොතබන බවත් රටට නිදහස දිනා දුන් නායකයා විදුලි පුටුවට ගෙනයන්නට කුමන්ත‍්‍රණ කරන කණ්ඩායම්වලට බලය ලබාදෙන්නට මෙරට ජනතාව කිසිසේත් සුදානම් නොමැති බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya