මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි Featured

    ඔක්තෝබර් 19, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) අද (19) නැගෙනහිර සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති වන බවත් දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය අද දිනයේ දී දිවයිනෙන් ඉවතට ගමන් කරන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇති විය හැක.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තරමක තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය                                            


    අනුරාධපුරයට අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි.

    ගාල්ලට කොළඹට නුවරඑළියට මහනුවරට රත්නපුරයට විටින් විට වැසි.

    ත්‍රිකුණාමලයට මඩකළපුවට මන්නාරමට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

    යාපනයට උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය                                                      


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 25.5ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 33.3ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 27.4ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද 21.1ක වර්ෂාපතනයක් කටුනායකින් ද මි.මී. 21.1ක වර්ෂාපතනයක් මන්නාරමෙන් ද මි.මී. 24.3ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද මි.මී. 106.3ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද මි.මී. 11.8ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද වාර්තා වී තිබේ.


    ඝන මීදුම සහිත තත්ත්වයක් කටුගස්තොට සහ පොලොන්නරුවෙන් වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.°C අනුරාධපුරය හා රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.4°C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 19.2°C නුවරඑළියෙන් ද මි.මී. 157.6ක උපරිම වර්ෂාපතනය තිස්සමහාරාම ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya