අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලට උදය කාලයේ වැසි Featured

    ඔක්තෝබර් 20, 2014

    අද (20) දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇති විය හැක.


    බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලට උදය කාලයේදී ද වැසි ඇති වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තරමක තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය                                            


    ත්‍රිකුණාමලයට මඩකළපුවට මන්නාරමට නුවරඑළියට මහනුවරට රත්නපුරයට අනුරාධපුරයට යාපනයට අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි.


    ගාල්ලට කොළඹට උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය                                                      


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 22.4ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 33.8ක වර්ෂාපතනයක් බදුල්ලෙන් ද මි.මී. 11.8ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද 14.0ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද මි.මී. 7.6ක වර්ෂාපතනයක් ත්‍රිකුණාමලයෙන් ද මි.මී. 6.1ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද මි.මී. 6.2ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද මි.මී. 37.3ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් මි.මී. 26.8ක වර්ෂාපතනයක් මොනරාගලින් ද වාර්තා වී තිබේ.


    මීදුම සහිත තත්ත්වයක් බදුල්ල සහ රත්නපුරයෙන් වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.°C අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.7°C පොලොන්නරුව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.8°C නුවරඑළියෙන් ද මි.මී. 106.5ක උපරිම වර්ෂාපතනය වවුනියාව ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya