මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැංකු පද්ධතියේ විදේශ වත්කම් ප්‍රමාණය ඉහළ යයි

    ඔක්තෝබර් 18, 2014
    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විදේශ විනිමය ලැබීම ඉහළ යෑම නිරූපණය කරමින් වසරේ පළමු මාස 8තුළ දී බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් රුපියල් බිලියන 289කින් ඉහළ ගොස් ඇත.
     
    ඒ අනුව ජූලි මාසයේ දී 11.9%ක් දක්වා අඩු වු වාර්ෂික ලක්ෂමය පදනම මත පුළුල් මුදල් වර්ධනය, 2014 අගෝස්තු මාසයේ දී 12.3%ක් දක්වා වර්ධනය විය.
     
    වසරේ මේ දක්වා කාලය තුළ දී එ.ජ. ඩොලරයට එරෙහි ව රුපියල 0.14%කින් අධි ප්‍රමාණය වු අතර 13දා වන විට ඇස්තමේන්තු ගත දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 8.7ක් විය.
     
    මෙම ශක්තිමත් විදේශ සංචිත තත්ත්වය භාණ්ඩ හා සේවා අපනයනයෙන් ලද අඛණ්ඩ විදේශ විනිමය ලැබීම්, සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ රජයට සහ පෞද්ගලික අංශයට ලැබුණු අනෙකුත් ලැබීම්වල ප්‍රතිඵලයකි.
     
    මෙම පසුබිම තුළි පසුගිය දින පවත්වන ලද මුදල් මණ්ඩල රැස්වීමේ දී දැනට පවත්නා මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව තීරණය විය.
     
    ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 ඔක්තෝබර්  මුදල් ප්‍රතිපත්ති විවරණයෙහි මේ බව සඳහන් වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya