මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින අවට වායුගෝලයේ කැළඹිලි තත්ත්වය අද දිවයිනෙන් ඉවතට

    ඔක්තෝබර් 19, 2014

    අද (19) දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය අද වනවිට දිවයිනෙන් ඉවතට ගමන් කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    කාලගුණ අනාවැකියට අනුව වායුගෝලයේ කැළඹිලි තත්ත්වය දිවයිනෙන් ඉවතට ගමන් කරන තෙක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අකුණු සමඟ වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ද ඇති විය හැක.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තරමක තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය                                            


    අනුරාධපුරයට අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි.

    ගාල්ලට කොළඹට නුවරඑළියට මහනුවරට රත්නපුරයට විටින් විට වැසි.

    ත්‍රිකුණාමලයට මඩකළපුවට මන්නාරමට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

    යාපනයට උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය                                                      


    අද පස්වරු 5.30 වනවිට මි.මී. 72.7ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 30.9ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 18.9ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද 18.7ක වර්ෂාපතනයක් කටුනායකින් ද මි.මී. 19.6ක වර්ෂාපතනයක් මන්නාරමෙන් ද මි.මී. 22.5ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද මි.මී. 96.1ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද මි.මී. 6.0ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.°C අනුරාධපුරය හා රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.4°C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 19.2°C නුවරඑළියෙන් ද මි.මී. 157.6ක උපරිම වර්ෂාපතනය තිස්සමහාරාම ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya