මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හර්මන් ලෝස් ද සොයිසා කඳවුර අදින් අවසන්

    ඔක්තෝබර් 19, 2014
    පසුගිය 10දා සිට රන්ටැඹේ පිහිටි පුහුණු මධ්‍යස්ථානයේ දී ජාතික ශිෂ්‍යභට බලකාය මගින් පවත්වනු ලබන හර්මන්ලෝස් ද සොයිසා කුසලාන - 2014 කඳවුර අද (19) අවසන් වේ.
     
    පාසැල්වල විනය පවත්වාගෙන යාමේ අරමුණින් යුතු ව 1881 වසරේ දී කොළඹ රාජකීය විද්‍යාලයෙන් හර්මන්ලෝස් ද සොයිසා  කඳවුර ආරම්භ වී තිබේ.  
     
    1881 වසරේදී ආරම්භ වී ගෙවිගිය අවුරුදු 133ක කාලය තුළදී විවිධ වෙනස්වීම්වලට භාජනය වෙමින් ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ඉමහත් සේවයක් කරන ශිෂ්‍ය භට බලකාය අද වන විට වසරකට ශිෂ්‍යභට බාලක බාලිකාවන් 80,000කගේ පමණ විනය, පෞරුෂත්වය හා නායකත්වය වැනි ගුණාංගයන් පුහුණු කරනු ලබන දිවයින පුරා විසිරි ඇති බලඇණි 34කින් සමන්විත විශාල ආයතනයක් බවට පරිවර්තනය වී ඇත.
     
    වසරේ ජනවාරි මාසයේ සිට ම රංටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ එක් එක් බලඇණිවල වාර්ෂික ඇගයීම් කඳවුරු පවත්වනු ලබන අතර ඒවායින් වැඩි ම ලකුණු ලබාගන්නා බාලක හා බාලිකා ඛණ්ඩයන් මෙම හර්මන්ලෝස් ද සොයිසා අවසන් කඳවුරට සහභාගී වේ. 
     
    ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒකක සහ විවිධ ක්ෂේත්‍ර, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය, යොවුන් සේනාංකය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල අද වන විට ජාතික ශිෂ්‍යභට බලකා නිලධාරීන් විශාල ප්‍රමාණයක් සක්‍රීය සේවා කටයුතුවල නිරතව සිටින අතර එය ශිෂ්‍යභට බලකාය විසින් ඉටුකරනු ලැබූ ජාතික කර්තව්‍යක් ලෙසද හැඳින්විය හැකිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya