මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි : ක්ෂණික ව සුළං වේගය ඉහළට

    ඔක්තෝබර් 18, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) අද (18) දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්වය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකි බවත් ඇතැම් ස්ථානවලට ඉතා තද වැසි ද ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

    අද උදෑසන 05.30ට දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවන විට ක්ෂණික ව සුළං වේගය ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එවිට එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව  රළු වීමට හැකියාවක් පවතී .


    කොළඹ සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක. මීට අමතරව ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශ තාවකාලික ව ඉතා රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya