මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින අවට වායුගෝලයේ කැළඹිලි: මි.මී 150ට වැඩි ඉතා තද වැසි Featured

    ඔක්තෝබර් 18, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) අද (18) දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්වය හේතුවෙන් උදය කාලයේදී ද දිවයිනේ වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

    අද උදෑසන 6.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් අපරභාගයේ දී  සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උදය කාලයේදීද දිවයිනේ වැසි බලාපොරොත්තු විය හැක. ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි ඉතා තද වැසි ද ඇති විය හැක.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය                                            


    කොළඹට අනුරාධපුරයට මන්නාරමට නුවරඑළියට මහනුවරට රත්නපුරයට අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    ගාල්ලට යාපනයට ත්‍රිකුණාමලයට මඩකළපුවට උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.

     
    උෂ්ණත්වය හා වර්ෂාපතනය                                                      


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 72.7ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 53.6ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 132.0ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද 47.2ක වර්ෂාපතනයක් හම්බන්තොටින් ද මි.මී. 32.9ක වර්ෂාපතනයක් යාපනයෙන් ද මි.මී. 20.5ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 37.5ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද මි.මී. 65.8ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද මි.මී.  මි.මී. 34.4ක වර්ෂාපතනයක් මත්තලින් ද  මි.මී. 14.6ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.°C අනුරාධපුරය හා රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.5°C යාපනය ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.8°C නුවරඑළියෙන් ද මි.මී. 71.5ක උපරිම වර්ෂාපතනය කාසල්රී ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya