මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුලතිව් හි ප්‍රසාන්දනී බිළිඳිය බේරාගත් හමුදා සෙබළාට යුද හමුදාපතිගෙන් උසස්වීම්

    ඔක්තෝබර් 17, 2014

    මුලතිව් ප්‍රදේශයේ කෙප්පාපිලව් ආදර්ශ ගම්මානයේදී අඩි 30ක් පමණ ගැඹුරැති ළිඳකට වැටුණු මාස 14ක් වයසැති ප්‍රසාන්දනී ජෙනිස්ටර් බිළිඳිය බේරා ගත් 593 බලසේනාව යටතේ වන 19 වන ගැමුණු හේවා බලකායට අයත් සාමාන්‍ය සෙබළ එම්.පී.එස්.එස්. සංජීව මහතා ව ඊයේ (16) පස්වරුවේ යුද හමුදාපති කාර්යාලයේදී ලාන්ස් කෝප්‍රල් නිලයට උසස් කරනු ලැබීය.


    ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා මෙම වීර ක්‍රියාව අගයමින් එම සෙබළා වෙත වීරෝධාර වීභූෂණ පදක්කම පිරිනැමීමට ද උපදෙස් දුන්නේය.

    මෙයට සමගාමී ව 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ 2 වන ලුතිතන් එච්.ආර්.එන්. සංජීව, සැරයන් ඩබ්.ඒ.එම්.පී. විජේසිංහ සහ කෝප්‍රල් එච්.පී.එස්. හේවාතිලක යන විරුවන් වෙත ක්‍රියාව ඇගයීමේ සහතිකපත් ද පිරිනැමීය.

    මෙම වීර ක්‍රියාව අගය කළ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් ඔවුන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය වෙත කැඳවා සිය සුබපැතුම් එක් කළේය.

    මෙම අවස්ථාවට 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එන්.ඒ.පී.සී. නාපාගොඩ සහ 593 බලසේනාව යටතේ වන 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ජී.ඩී.ජේ.සී. ප්‍රේමතිලක යන මහත්වරු ද එක් ව සිටියහ.

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya