මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි Featured

    ඔක්තෝබර් 17, 2014

    දැනට පවතින අයහපත් කාලගුණය ඉදිරි පැය 24 තුළත් පැවතුණ හොත් නාය යෑමේ හා කණ්ඩි කඩා වැටීමේ අවදානමක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකට ඇති බැවින් ඒ පිළිබඳ ව විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශය අනතුරු අඟවයි.


    එම ආයතනය අද පස්වරුවේ නිකුත් කරන ලද නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව කුරණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, රිදීගම, මාවතගම හා ඉබ්බාගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි කඳුකර බෑවුම්, කණ්ඩි සහිත ප්‍රදේශ සහ මාර්ග පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු වේ.

     
    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya