මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ නවතම ශාඛාවක් මාතර දී

    ඔක්තෝබර් 17, 2014

    රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ මාතර නව ප්‍රදර්ශනාගාරය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මේ මස 20 දා පස්වරු 3.00ට නො.15, දුම්රියපළ පාර, මාතර දී විවෘත වීමට නියමිතය.

    පාරිභෝගික අවශ්‍යතාවලට වැඩි අවධානයක් යොමු කරමින් ඒවා ඉටු කිරීම පිණිස ගුණාත්මක භාවයෙන් යුතු පාරිභෝගික භාණ්ඩ සහනදායක මිල යටතේ සපයමින් ජනතාවගේ මිල දී ගැනීමේ ශක්තිය වැඩි කර, මිල ස්ථායීකරණය කිරීම පිණිස සේවා සැපයීම අරමුණු කර ගනිමින් එස්.ටී.සී. ආයතනය ක්‍රියාත්මක වේ.

     

    ඒ අනුව දිවයින පුරා විසිරී සිටින කර්මාන්තකරුවන් වෙනුවෙන් තත්ත්වයෙන් උසස් උපකරණ, භාණ්ඩ හා සේවා පහසු මිලට ලබා ගැනීමට ද මෙහිදී පාරිභෝගිකයාට හැකියාව ලැබේ. කොළඹ නවම් මාවත, නුවර, කුරුණෑගල, යාපනය හා අනුරාධපුර යන දිස්ත්‍රික්කයන්හි එස්.ටී.සී. ආයතනයේ ප්‍රදර්ශනාගාර පැවැත්වෙන අතර ඉදිරියේදී දැවැන්ත ප්‍රදර්ශනාගාරයක් නාරාහේන්පිට දී විවෘත වීමට නියමිතය.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya