මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදාපති 7 වන ශ්‍රී ලංකා පාබල හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් අමතයි Featured

    ඔක්තෝබර් 17, 2014

    යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා පසුගිය බදාදා (15) යාපනය, කනගපුරම්හි 7 වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.


    7 වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානය වෙත ඇතුළු වීමේදී යුද හමුදාපතිතුමන් හට හමුදා පිළිවෙතට අනුව පසුකර යෑමේ කඳවුරු මුරයක් පිරිනමන ලද අතර එහි වත්මන් අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් කුලසේකර විසින් යුද හමුදාපතිතුමන් ව උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

    එම සංචාරයේ දී යුද හමුදාපතිතුමා විසින් මූලස්ථාන ගොඩනැගිලි ආදිය පරීක්ෂා කළ අතර විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේහි සමරු සටහනක් ද තබන ලදී. 1992 ඒකකය ආරම්භ කිරීමේන් අනතුරු ව යුද හමුදාපතිවරයෙකු ඒ මූලස්ථානයේ සිදු කරන ලද ප්‍රථම ඒකක සංචාරය මෙයයි.

    මෙම ඒකකය මඟින් පවත්වාගෙන යන ‘තල් කැදැල්ල’ නිවාඩු නිකේතනයේ සංචාරය කළ යුද හමුදාපතිතුමා කඳවුරෙන් පිට ව යාමට පෙර ඒකකයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයන් ඇමතීමට ද කටයුතු කළේය.

    NDH/arny media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya