මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා සංගමය කොටි තහනම ඉවත් කරයි

    ඔක්තෝබර් 17, 2014

    තහනම ගැන ශ‍්‍රී ලංකා රජයේ දැඩි අවධානය
     
    යුරෝපා සංගමය, එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමට යුරෝපා සංගමයේ අධිකරණය මඟින් ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජය කනස්සල්ල පළ කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.  


    යුරෝපා සංගම් අධිකරණය මඟින් ගනු ලැබූ මෙම තීරණයට අනුව යුරෝපය පුරා වෙසෙන ශ‍්‍රී ලාංකික සම්භවයක් ඇති සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය හමුවේ අවදානමකට ලක් ව ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙයි. 

    මෙම අධිකරණ තීන්දුවට එරෙහි ව ගත හැකි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් කටයුතු කිරීමට යුරෝපා රටවල බලධාරීන්ට අවශ්‍ය සහය ලබාදෙන අතර මෙම තීන්දුව සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කරන බවත් පවසන විදේශ කටයුතු අමාත්‍යංශය මෙම තීරණයත් සමඟ ම එල්.ටී.ටී.ඊ. හිතවාදී ක‍්‍රියාකාරකම් යුරෝපය පුරා වර්ධනය විය හැකි බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙයි.

    යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ.ය ත‍්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් ලැයිස්තුගත කර පනවා තිබූ තහනම යුරෝප අධිකරණය විසින් ලිහිල් කරනු ලැබූවේ එල්.ටී.ටී.ඊ.යට පක්ෂපාතී කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරනු ලැබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරු ව ය.

    මෙයට අදාළ පෙත්සම 2011 වසරේදී ලක්ෂම්බර්ග් හි අධිකරණයක් වෙත ඉදිරිපත් කර තිබුණි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිතවාදීන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයන්ගේ මතය වූයේ 2009 වසරේ සිට ඔවුන් අවිහිංසාවාදී ආකාරයෙන් කටයුතු කරන නිසාත් අන්තර්ජාල තොරතුරු මත පදනම් ව මෙම තහනම පනවා ඇති නිසාත් මෙසේ පනවා ඇති තහනම අසාධාරණ බැවින් එම තහනම ඉවත් කළ යුතු බවයි. මෙම අධිකරණ තීන්දුව මාස තුනක පරිවාස කාලයකට යටත් ව ලබාදී ඇති අතර එය මාස තුනකින් පසු බලාත්මක වේ. කෙසේ වෙතත් එම සංවිධානයේ වත්කම් කෙරේ පනවා ඇති තහනම ඒ ආකාරයෙන් ම පවතින බව ද එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya