මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    LLRC නිර්දේශ උපරිම අයුරින් ක්‍රියාත්මක කරනවා Featured

    ඔක්තෝබර් 10, 2014
    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ සියල්ල ම ක්‍රියාත්මක කිරීමට රජය බැඳී නොමැති බවත් එලෙස කොමිසමක් පිහිටුවීමෙන් සිදු කරනු ලැබුවේ යෝජනා ලබාගැනීමේ ක්‍රමයක් සකස් කරගැනීමට බවත් පෙන්වා දෙන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම නිර්දේශවලින් හැකි උපරිමය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් පෙන්වා දුන්නේය.
     
    ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (10) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    ස්වාධීන කොමිසම් සභා සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා. ඒ එම කොමිසම් සභාවල ස්වාධීනත්වය සම්බන්ධයෙන්. යම් යම් විවිධ මත තිබෙනවා රජයට ඒ හා සම්බන්ධයෙන්. ඒ පිළිබඳ ව සාකච්ඡා කොට සාධාරණය ඉටුකිරීමට බලාපොරොත්තු වෙනවා. 
     
    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම රජය පත් කිරීමට කටයුතු කරනු ලැබුවේ සද්භාවයෙන් යුතුවයි. මේ සම්බන්ධයෙන් විවිධ දෝෂාරෝපණයන් එල්ල කරනු ලැබුවා මුල් අවස්ථාවේදී. 
     
    මෙම කොමිසන් සභාවේ නිර්දේශයන් කෙටි, මධ්‍ය හා දීර්ඝ කාලීන වශයෙන් ක්‍රියාත්මක කළ යුතු නිර්දේශයන් පවතින බවත් එම කාලයන් අනුව නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    ලෝකයේ මෙවැනි ගැටලු පවතින රටවල විශාල ප්‍රමාණයක් පවතින බවත් ක්‍රියාත්මක කළ යුතු නිර්දේශයන් සියල්ල ක්‍රියාත්මක කොට හැකි ඉක්මනින් අවසන් කිරිමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya