මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුණු යුද ගැටුමක් අවසන් කොට නැගී එන ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව කිසිදු විනිශ්චයකට භාජනය කරන්නේ නෑ

    ඔක්තෝබර් 10, 2014

    දරුණු යුද ගැටුමක් අවසන් කොට නැගී එන ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාව කිසිදු විනිශ්චයකට භාජනය නොකරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව අවධාරණය කරයි. 


    සිවිල් හා දේශපාලන අයිතීන් සම්බන්ධ අන්තර් ජාතික සම්මුතියට ශ්‍රී ලංකාව අනුගතව ඇති තත්ත්වය අගය කිරීම තම කමිටුවේ ප්‍රයත්නය බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ සභාපති ශ්‍රීමත් නයිගල් රොඩ්ලි (Nigel Rodley) මහතා ප්‍රකාශ කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල්හි අන්තර්ජාතික සිවිල් හා දේශපාලනික ප්‍රගති ප්‍රඥප්තියේ ශ්‍රී ලංකාව පිළිබඳ කරුණු විමසීම ජිනිවාහී දී පැවැති අතර එහිදී කරුණු දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශකර තිබේ. 


    යුද ගැටුම් නිමාවට පත්කළ ශ්‍රී ලංකාව ආර්ථික වර්ධනය අතින් ඉදිරියට පැමිණෙමින් තිබෙන බවට කමිටුව පිළිගන්නා බව සඳහන්කර තිබෙන නයිගල් රොඩ්ලි මහතා අතුරුදන් වීම්, නීතිවිරෝධී ඝාතන, මුක්තිය පිළිබඳ පැන නැඟී ඇති ගැටලු වැනි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ද සඳහන් කර ඇත. මේ අතර ඒ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව පිළිබඳ අවසන් විනිශ්චයක් දීමට ද අකමැත්ත ප්‍රකාශ කර ඇත. 

    ශ්‍රී ලංකාව දුෂ්කර කාලපරාසයක් නිමකළ බවත් මෙතෙක් ආ ගමන්මග පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට හොඳින් වැටහෙන බව ද ප්‍රකාශ කර තිබෙන සභාපතිවරයා ශ්‍රී ලංකාව පිළිබඳ සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් සකස් කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වගකීමක් බවත් අවධාරණය කර තිබේ.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya