මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ශිෂ්‍යභට බලකායට බඳවා ගන්නා පිරිස වැඩි කෙරේ

    ඔක්තෝබර් 10, 2014

    දිවයිනේ පාසල්වලින් ජාතික ශිෂ්‍යභට බලකායට බඳවා ගන්නා ප්‍රමාණය 80,000 දක්වා වැඩිකර ඇති අතර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය ඔවුන් පුහුණු කිරීම සඳහා වසරකට රුපියල් කෝටි 40කට ආසන්න මුදලක් වැය කරයි. 


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් යටතේ සිදු වන මෙම ක්‍රියාවලිය යට‍තේ ජාතික ශිෂ්‍යභට බලකායට සිසුවියන් බඳවා ගැනීමේ ප්‍රමාණය වැඩිකර පළාත් 9ක බාලිකා බලඇණි 09ක් ද පිහිටුවා තිබේ. කාන්තා සංවර්ධනය වැඩිකිරීම සහ දිවයින පුරා පිහිටි සියලු පාසල්වල ශිෂ්‍යභට ඛණ්ඩ ආරම්භ කිරීම ද සිදුවෙයි.

    ගිය වසරේ සිට මෙසේ සිසුවියන් බඳවා ගන්නා ප්‍රමාණය වැඩි කිරීමට ගත් තීරණය මත එම පළාත් බාලිකා බලඇණි පිහිටුවී ම ද සිදුවිය.

    දෙමාපියන්ට වඩා ඉදිරියෙන් යන දරු පරපුරක් ඇති කර නායකත්වය දැරීමේ පුහුණුව ලබාදී ඔවුන් ජාත්‍යන්තරයට සම්බන්ධ කිරීම පාසල් දරුවන් විශාල ප්‍රමාණයක් ශිෂ්‍යභට බලකායට බඳවාගෙන පුහුණුව ලබාදීම අරමුණු වෙයි.

    මීට පෙර ද පාසල්වලින් සිසු සිසුවියන් තෝරා ශිෂ්‍යභට බලකා පුහුණුව ලබා දුන්න ද ආරක්ෂක අමාත්‍යංශය ඔවුන් වෙනුවෙන් මෙතරම් විශාල මුදලක් වෙන්කිරීමත් සහ එම වැඩපිළිවෙළ ජාත්‍යන්තරය දක්වා ගෙනයාමත් ප්‍රවණතාවයක් වූයේ නැත.

    මේ වනවිට ජාත්‍යන්තර රටවල් 08කට පමණ පුහුණුව සඳහා සිසු සිසුවියන් යැවෙන අතර ලබන වසරේ සිට රටවල් 16කට යැවෙන අතර එසේ යවන ප්‍රමාණය වරකට 150ට වැඩි ප්‍රමාණයක් දක්වා ද වැඩිකර තිබේ.

    මෙසේ ජාත්‍යන්තර පුහුණු සඳහා යවන සිසු සිසුවියන්ගේ වියදම් සම්පූර්ණයෙන් ම රජයෙන් දරන අතර විදෙස් රටවල රාජ්‍ය නායකයන් මුණගැසීම ඇතුළු විවිධ වරප්‍රසාද රැසක් මෙම ශිෂ්‍යභට බලකා සිසු සිසුවියන්ට හිමිවෙයි. පුහුණුව අවසානයේ දීමනාවක් ද ලැබෙයි.

    විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබීමේදී ශිෂ්‍යභට බලකා සාමාජිකයන්ට ඒ සඳහා වෙනම ලකුණු ප්‍රමාණයක් ද ලැබේ. පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට කිසිදු බාධාවක් නොවන පරිදි යුද, ගුවන්, නාවික හමුදා පුහුණුවද ඇතුළත්ව මෙම නායකත්ව පුහුණුව හිමිවෙයි.

    දරුවකු පාසල් ජීවිතය තුළදී ම නායකයකු ලෙස ඉදිරියේදී මුහුණදෙන ආකාරයට පුහුණු කිරීම නිරෝගී දිවිය, අධ්‍යාපනයට බිය නොවී සාර්ථක ව මුහුණදීම, සංවරය, විනයගරුක බව ජාත්‍යන්තර සම්බන්ධ වීම ඇතුළු විවිධාකාර දක්ෂතා හෙළිකරන පූර්ණ පුහුණුවක් මොවුන්ට මේ හරහා ලැබෙයි.

    ශිෂ්‍යභට බලකාය මේ වනවිට බලඇණි 34න් සමන්විත වෙයි.

    වසර 134 බලකා ඉතිහාසයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ ආකාරයෙන් ග්‍රාමීය ප්‍රදේශ දක්වා ව්‍යාප්ත වී ඇත.

    මෙම දැවැන්ත කර්තව්‍ය ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් එච්.එම්.එච්.ඒ. හේරත් මහතා යටතේ සිදුවෙයි.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya