මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නවෝත්පාදන පිළිබඳ වැඩමුළුව

    ඔක්තෝබර් 10, 2014

    සාර්ක් කලාපීය දැනුම පාදක ආර්ථිකයක් හා ආර්ථික වර්ධනය සඳහා වූ උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නවෝත්පාදන වැඩමුළුව අද (10) සිට ලබන 12 දින දක්වා උසස් අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් වැල්ලවත්ත ග්ලෝබල් ටවර්ස් හෝටලයේදී ආරම්භ කෙරේ.


    මෙම වැඩමුළුව පකිස්තානයේ ඉස්ලාම්බාද්හි පිහිටි සාර්ක් මානව සම්පත් සංවර්ධන මධ්‍යස්ථානය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂම් සභාව එක් ව සංවිධානය කර තිබේ.

         
    මෙහිදී සාර්ක් කලාපයේ සියලු ම රටවල උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නවෝත්පාදන පිළිබඳ ඉදිරිපත් කිරීමක් ඒ ඒ රටවල නියෝජිතයන් විසින් සිදු කරනු ලබයි. ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයේ සිදු කරන ලද නවෝත්පාදන 06ක් ද මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිතය. අවසාන දිනයේදී උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඒ ඒ රටවල සිදු කෙරෙන නවෝත්පාදන පිළිබඳ ඇගයීමක්, පවතින ප‍්‍රතිපත්ති හා වැඩසටහන් පිළිබඳ තුලනාත්මක ඇගයීමක් ද සිදු කරනු ලැබේ. 

    මෙහිදී කලාපීය නවෝත්පාදන ක්ෂේත‍්‍රයේ පවතින ගැටලු, ඒ සඳහා ඉදිරිපත් කෙරෙන විසඳුම්, කලාපීය වශයෙන් එක් ව සිදු කළ හැකි ප‍්‍රතිපත්ති සහ තීන්දු තීරණ ගැනීම් පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇත. 

    කලාපයක් වශයෙන් නැගිටීමේදී උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නවෝත්පාදනයන්හි සිදු විය යුතු වෙනස්කම් හා එකඟතා පිළිබඳව ද වැඩිදුර අවධානයක් යොමු කෙරේ. අදාළ ක්ෂේත‍්‍රයන්හි ඒ ඒ රටවල් නියෝජනය කරන ඉහළ ම පෙළේ නියෝජිතයන් රැසක් ද මේ සඳහා සහභාගීවීමට නියමිතය. 

    මෙම අවස්ථාව සඳහා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක, අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂම් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්ම මහත්මින් ඇතුළු විදෙස් නියෝජිතයෝ රැසක් සහභාගී වනු ඇත.  

    NDH/sk-cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya