මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියානු කලාපයට ජානමය, කාලගුණිකමය සහ භූගෝලීය අභියෝග රැසක්

    ඔක්තෝබර් 09, 2014

    දකුණු ආසියානු කලාපය ගත් කළ ජානමය, කාලගුණිකමය සහ භූගෝලීය වශයෙන් අභියෝග රැසකට අප මුහුණ දෙමින් සිටින බව ශ‍්‍රී ලංකා කණ, නාසය සහ උගුර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. 


    විශේෂයෙන් මෙම කලාපය තුළ අපගේ ආහාර රටාවන්ගේ වෙනස්වීම් හේතුවෙන් ද සෞඛ්‍ය ගැටලු රැසක් පැන නැඟී ඇත. එම සෞඛ්‍ය ගැටලු අතර හිස් කබල හා නාසයේ සිදුකරන රූපලාවන්‍ය සැත්කම්, නාසයෙන් දැවිල්ල සහිත ව සොටු දියර ගැලීම හා වැඩිහිටි ජනගහනය ඉහළ යාමත් සමඟ වර්ධනය වී තිබෙන බිහිරි බව හා කැරකිල්ල ද පොදු රෝග තත්ත්වයන් බවට පත් වී ඇත. එමෙන් ම හිස හා බෙල්ල ආශ‍්‍රිත ව ඇති විය හැකි පිළිකා තත්ත්වයන් ද දක්නට ලැබෙන රෝගී තත්ත්වයන් වන බව ද එම සංගමය සඳහන් කරයි.

    මීට සමගාමී ව පවත්වනු ලබන කණ, නාසය, උගුර පිළිබඳ දකුණු ආසියානු කලාපීය විශේෂඥ සමුළුව (SAARC ENT CONGRESS – 2014) අද (09) සිට ලබන 12 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

    කණ, නාසය හා උගුර පිළිබඳ දකුණු ආසියානු කලාපය තුළ සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් මෙම සමුළුව තුළින් ඔවුන් තමන්ගේ දැනුම හා අත්දැකීම් හුවමාරු කරගනු ලබයි.


    මෙම සමුළුව බංගලාදේශයේ මහාචාර්ය අල්ප‍්‍රදීන් මහතා ප‍්‍රමුඛ ආසියානු කලාපීය කණ, නාසය හා උගුර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් පැවැත්වේ. 


    රටවල් 10ක් නියෝජනය කරමින් මේ සමුළුව පැවැත්වෙන බව ශ‍්‍රී ලංකා කණ, නාසය සහ උගුර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.


    NDH/sk-cmu 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya