නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “හුඩ්හුඩ්”සුළි කුණාටුවේ බලපෑම තවදුරටත් - තද සුළං - වැසි Featured

    ඔක්තෝබර් 10, 2014

    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “හුඩ්හුඩ්”සුළි කුණාටුවේ බලපෑම නිසා, දිවයිනේ සහ  දිවයින අවට මුහුදේ  තද සුළං සහිත කාලගුණ තත්වය තවදුරටත් අපේක්ෂා කළ කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද (10) උදෑසන 05.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතටද මෙම වැසි පැතිර යා  හැක.


    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව, උතුරු මැද  සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැක.


    අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹ, ගාල්ල, නුවරඑළිය, මහනුවර සහ රත්නපුරයට විටින් විට වැසි ඇති වේ.

    ත්‍රිකුණාමලයට මඩකළපුවට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට යාපනයට මන්නාරමට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 34.0ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 20.6ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 32.8ක වර්ෂාපතනයක් රත්නපුරයෙන් ‍ද මි.මී. 11.3ක වර්ෂාපතනයක් මහඉලුප්පල්ලමෙන් ‍ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.°C ත්‍රීකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.9°C මඩකළපුව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.4°C නුවරඑළියෙන් ද මි.මී. 80.6ක උපරිම වර්ෂාපතනය පාදුක්ක ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya