මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ගැහැනු දරුවාගේ ජාත්‍යන්තර දින ජාතික උත්සවය ජනපති ආර්යාවගේ ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 09, 2014

    2014 ගැහැනු දරුවාගේ ජාත්‍යන්තර දිනය (International Girl Child Day) නිමිත්තෙන් වන ජාතික උත්සවය ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 11වෙනි දින පෙ.ව.9.00 ට මහරගම යොවුන් රඟහලේ දී පැවැත්වේ.
     
     “දියණිය, ඔබයි අපේ අනාගතය” (Daughter, You Are Our Future) යන තේමාව යටතේ මෙවර ගැහැනු දරුවාගේ ජාත්‍යන්තර දිනය සැමරීමට පියවර ගෙන ඇති බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි. 2012 වසරේ සිට ආරම්භ කරන ලද මෙම ගැහැනු දරුවාගේ ජාත්‍යන්තර දිනය, ලෝකයේ අනෙකුත් රටවල් මෙන් ම ශ්‍රී ලංකාව ද සමරනු ලබන්නේ තෙවන වරටයි. 2011 වසරේ නිව් යෝර්ක් නුවර පැවති කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 55වැනි සභාවාරයේ දී යෝජනා වී, එම සංවිධානයේ සියලු ම සාමාජික රටවල එකඟත්වයෙන් යුතුව එළඹෙන ලද තීරණයකට අනුව ගැහැනු දරුවා පිළිබඳ සමාජය තුළ පැවතිය යුතු අවධානය දැඩි විය යුතු බව අවධාරණය කරමින් “ගැහැනු දරුවාගේ ජාත්‍යන්තර දිනය” ලෙස සෑම වසරක ම ඔක්තෝබර් 11 දින නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තීරණය කර තිබේ. 
     
    මේ අනුව ලෝකයේ සෑම රටක ම වාසය කරන ගැහැනු දරුවන් මුහුණ දෙන ප්‍රබල ගැටලුවලට පාදක වී තිබෙන අධ්‍යාපනය, සෞඛ්‍ය, පෝෂණය, දරිද්‍රතාව, භාෂාව, ආගම, ජාතිකත්වය, වාර්ගීකත්වය, වර්ණය, පවුල් ඒකකය දෙමාපිය සෙනෙහස, සමාජමය රැකවරණය, ලිංගිකත්වය, මාතෘත්වය, ක්‍රීඩාව හා නවීන තාක්ෂණය ආදී විවිධ ක්ෂේත්‍රයන් තුළ දී එම දරුවන් මුහුණ දෙන  

     තත්ත්වයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කළ යුතු බව අරමුණු කර ගනිමින් සෑම වසරක ම ඔක්තෝබර් 11 දින මෙම දිනය සැමරීමට කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබේ. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන මෙම ජාතික උත්සවයේ දී මෙවර ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ 11 වන සැසිවාරය පැවැත්වීමට ද නියමිතය. 
     
    ‘ගැහැනු දරුවාගේ අනන්‍යතාව හා ඇගේ අභියෝග ජයගැනීම සඳහා ආර්ථික, සමාජයීය හා නෛතික ප්‍රතිපාදන ප්‍රමාණවත් වේ’, යන්න ආණ්ඩු පක්ෂයටත් ප්‍රමාණවත් නො වේ යන්න ප්‍රතිපක්ෂයටත් වන සේ මෙවර යොවුන් පාර්ලිමේන්තුවේ විශේෂ විවාදය පැවැත්වේ. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා විසින් මෙම 11 වන යොවුන් පාර්ලිමේන්තු සැසිවාරය ඇමතීමට නියමිතය. එමෙන් ම ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු සම්මානයෙන් ඇගයීම සඳහා තෝරාගත් හැකියා පූර්ණ ශ්‍රී ලාංකේය ගැහැනු දරුවන් දෙදෙනෙකු වෙත මෙහි දී ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනියගේ සුරතින් විශේෂ තිළිණ ප්‍රදානය කෙරේ. මේ අවස්ථාවට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා යන මහත්වරු මෙන් ම පාසල් දරුදැරියන් විශාල පිරිසක් පැමිණීමට නියමිතය.

     ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya