මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඤාණවිමල නාහිමිපාණන් සම්බුද්ධ ශාසනයට ඉටු කළ මෙහෙවර අනූපමේය වේ Featured

    ඔක්තෝබර් 07, 2014
    වසර අනූපහක කාලයක් ආයු ශ්‍රී වින්දනය කරමින්, සියම් මහ නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සමග්‍රී ධර්ම මහ සංඝ සභාවේ මහා නායක පදවිය දක්වා ඇති සියලු තනතුරු හෙබ වූ බෙල්ලන ඤාණවිමල මහා නායක හිමිපාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඉටු කරන ලද මෙහෙවර අනූපමේය වන බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    අග්‍රගණ්‍ය, දුර්ලභ ගණයේ මහා පඬිවරයෙකු වන උන්වහන්සේ විසින් සාහිත්‍ය, ශාස්ත්‍රීය, ධර්ම දේශනා, ආගමික හා සංස්කෘතික අංශවලින් මේ දක්වා ම ඉටු කරන ලද මෙහෙවර 
    අතිශය ප්‍රසංශනීය බව ද එහි සඳහන් වේ.
     
    "දෙස් විදෙස් හි පතල කීර්තිමත් නාමයක් දිනා ඇති අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල නාහිමිපාණන් වහන්සේ වෙත වර්ෂ 2010දී බුරුම රාජ්‍ය විසින් අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධිය පිරිනමන ලද්දේ උන්වහන්සේ මේ දක්වා කරන ලද මහත් ශාසනික මෙහෙවර නිසාමය".
     
    "දශක ගණනාවක් තිස්සේ මෙරට ශාසනික, සමාජීය හා සංස්කෘතික අභිවෘද්ධිය උදෙසා මහත් මෙහෙවරක් ඉටු කළ අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම අප ජාතියට හා සමස්ත ලෝකයාට අත්විඳීමට සිදු වූ පිරිමැසිය නොහැකි පාඩුවකි".
     
    තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ජීවිතයේ අනිත්‍ය බව මනාව පසක් කරමින්, අපවත් වී වදාළ සියම් මහ නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සමග්‍රී ධර්ම මහ සංඝ සභාවේ අතිගරු මහා නායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල නාහිමිපාණන් වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි!
     
    ආචාර්ය දි.මු. ජයරත්න
    අග්‍රාමාත්‍ය
    බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
     
    DB/ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya