ඔක්තෝබර් 01 දින යළි විවෘත කිරීමට තීරණය කර තිබූ යාල ජාතික වනෝද්‍යානය වර්ෂාව ලැබෙන තෙක් ඔක්තෝබර් 15 වෙනි දින දක්වා වසා තැබීමට තීරණය කර ඇත. දැඩි නියඟය හේතුවෙන් ජල හිඟය නිසා වනෝද්‍යානය වසා තැබීමේ කාලය මෙලෙස දීර්ඝ කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව ඔක්තෝබර් 16 වෙනිදා යාල ජාතික වනෝද්‍යානය නැවත විවෘත කිරීමට නියමිතය. SDF