මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹ කඳවුරට Featured

    ඔක්තෝබර් 02, 2014
     
    ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි තරගාවලිය සඳහා කණ්ඩායම් 19ක් සහභාගී වූ අතර එම කණ්ඩායම් අතරින්  අවසන් තරගය සඳහා ගුවන් හමුදා කොළඹ කඳවුර හා ගුවන් හමුදා රත්මලාන කඳවුර සුදුසුකම් ලැබීය.
     
    මෙම තරගය ආරම්භයේ සිට ම තමන් වෙතට නතුකර ගැනීමට කොළඹ ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම සමත් වූ අතර තරග අවසානයේදී 13-0 ලෙස ගුවන් හමුදා රත්මලාන කඳවුර පරදා ශූරතාව දිනාගැනීමට  ගුවන් හමුදා කොළඹ කඳවුරු කණ්ඩායම සමත් විය.
     
    අවසන් තරගය නැරඹීම සඳහා  ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක සහභාගී වූ අතර, ජයග‍්‍රාහී කණ්ඩායම සඳහා කුසලාන හා සහතිකපත් ප‍්‍රදානය කිරීම ද ගුවන් හමුදාපතිවරයා අතින් සිදුවිය. 
     
    මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරීන් මෙන් ම ගුවන් හමුදා රත්මලාන මූලික කඳවුරු අණදෙන නිලධාරී හා කොළඹ කඳවුරු අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීහු මෙන්ම සෙසු නිලයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya