මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාලය අහිතකර ලෙස පරිහරණයට විසඳුම එය තහනම නො වේ

    ඔක්තෝබර් 02, 2014
    අන්තර්ජාලය සමාජයට අහිතකර ලෙස පරිහරණය කිරීමට විසඳුම එය තහනම් කිරීම නො වන බව විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අන්තර්ජාලය මෙන් ම සමාජජාල වෙබ් අඩවි සමාජ හිතවාදී ලෙස භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳ ව මනා ලෙස  දැනුවත් කිරීම් මගින් ගැටලු ඇති වීම අවම කර ගත හැකි වන බවද සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

    බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සයිබර් ආරක්‍ෂණය පිළිබඳ හත්වෙනි වාර්ෂික සමුළුව අමතමින් පසුගියදා රංජිත් සියඹලාපිටිය මහතා මෙම අදහස් පළ කළේය.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඒකාබද්ධව මෙම ජාතික සමුළුව සංවිධානය කර තිබිණි.
     
    දශක කිහිපයක් රට වෙලාගෙන තිබු අති බිහිසුණු යුද්ධයෙන් රට බේරා ගැනීමේ මෙන්ම රටේ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ දැනුම ඉහළ නැංවීමේ අභියෝගය  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සාර්ථකව ජය ගත් බව රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදී සඳහන්  කළේය.
    ලෝකයේ විශිෂ්ටත ම තොරතුරු තාක්‍ෂණ ව්‍යාපෘතිය ලෙස නැණසල වැඩසටහන ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවීම මෙරට තොරතුරු සන්නිවේදන තාක්‍ෂණයේ එම දියුණුවට කදිම උදාහරණයක් බවද සියඹලාපිටිය මහතා වැඩිදුරටත්  සඳහන් කළේය.

    සයිබර් ආරක්‍ෂණය මෙන් ම තොරතුරු තාක්‍ෂණ යටිතල පහසුකම් පද්ධතිය සෑම දෙනාට ම ආරක්‍ෂිත ස්ථානයක් බවට පත් කිරීම අප සියලු දෙනාගේ වගකීමක් බවත් ඒ සඳහා මුලික ව අවශ්‍යය වන්නේ සයිබර් ආරක්‍ෂණය ගැන දැනුවත් වීම සහ සියලු දෙනාට ඒ පිළිබඳ ව අවබෝධයක් ලබා දීම බවත් ඒ අනුව මෙවැනි ජාතික සම්මන්ත්‍රණ වැඩමුළු සයිබර් ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත්  වැඩ කොටසක් ඉටු කරන බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා මෙහිදී පැවසීය.

    මෙම ජාතික සමුළුව සඳහා දේශීය මෙන්ම විදෙස් රටවල් නියෝජනය කරමින් තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්ෂේත්‍රයේ විශේෂඥයින් විද්වතුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ. 
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya